Friday, March 29, 2024

General line - 0115112241

මෙක්සිකෝව සහ කැනඩාව අතර දේශසීමා විවෘත කරයි




මෙක්සිකෝව සහ කැනඩාව සමග පවතින දේශසීමා විවෘත කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම තීරණය ලබන නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමටයි මේවනවිට තීරණය කර ඇත්තේ.

එලෙස දේශසීමා විවෘත වන්නේ කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට බව ද අමෙරිකාව පැවසුවා.

නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ගොඩබිම සහ මුහුදු මාර්ග හරහා ගමන් කිරීමට ඉඩ සලසන බවයි.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය හෝ අත්‍යවශ්‍ය නොවන ඕනෑම සංචාරයක් සඳහා පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට ලබන වසරේ ජනවාරි මාසයේ සිට ගොඩබිම් හා මුහුදු මාර්ග සම්පූර්ණයෙන් විවෘත කිරීමටයි අමෙරිකාව මේවනවිට තීරණය කර ඇත්තේ.

කෙසේවෙතත්, එලෙස දේශසීමා විවෘත කෙරෙන නිශ්චිත දිනයක් පිළිබඳව අමෙරිකාව මෙතෙක් අනාවරණ කර නැහැ.