Thursday, April 25, 2024

General line - 0115112241

කාබනික පොහොර වැඩසටහන නවතන්නැයි ආණ්ඩුවේ පක්ෂයකින් ජනපතිට ඉල්ලීමක්




කාබනික පොහොර වැඩසටහන කල්දමන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාගෙන් අද ඉල්ලීමක් කළා. එම පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ කාබනික පොහොර වැඩසටහන නිවැරදි ක්‍රමවේදයක් සහ සැලසුමක් අනුව ක්‍රියාත්මක කළ යුතු බවයි. 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. 

මේ අතර පොහොර අර්බුදය සම්බන්ධයෙන් අද දිනයේත් පක්ෂ විපක්ෂ නියෝජිතයින් විවිධ අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කළේ මෙම පොහොර අර්බුදය ඉදිරියේදී තේ කර්මාන්තයටත් දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි. 

වත්මන් ආණ්ඩුව ජනතාව පීඩාවට පත්වන ආකාරයේ තීන්දු තීරණ ගනිමින් සිටින බවයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ. 

විපක්ෂය නගන එම චෝදනාවලට අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.