Friday, April 19, 2024

General line - 0115112241

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය අසල අත්බෝම්බයක් 




බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ විහාර මාවත හා පහත මළුව අතර තාප්පයක් අසල තිබී අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා. 

විහාරස්ථානයේ සේවකයෙකු පන්සල් භූමිය පිරිසිදු කරමින් සිටි අවස්ථාවේදී එම අත්බෝම්බය හමුවී ඇති බවයි පොලීසිය පැවසුවේ. 

කිසියම් පුද්ගලයෙකු එම අත් බෝම්බය එම ස්ථානයේ දමා යන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. පැපිලියාන පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.