Saturday, April 20, 2024

General line - 0115112241

රෝහිත රාජපක්‍ෂත් ක්‍රිකට් පිටියට




අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මෙවර අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියට එක්වීමේ අරමුණින් කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් සමග පුහුණුවීම් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ඔහු ඉකුත් දින 02 දී මග්ගොන, සරේ විලේජ් ක්‍රීඩාංගනයේදී පුහුණුවීම්වල නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.

රෝහිත රාජපක්ෂ හිටපු රග්බි ක්‍රීඩකයෙකු වන අතර ඔහු සී එච් ඇන්ඩ් එෆ් සී පිල නියෝජනය කරමින් අන්තර් සමාජ පළමු පෙළ රග්බි තරගාවලියට ද එක්ව තිබෙනවා.

බදුරලිය ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් විසින් රෝහිත රාජපක්ෂ මෙලෙස පුහුණුවීම් සඳහා කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් පළ වන වාර්තාවන්ට ප්‍රතිචාර දක්වමින් රෝහිත රාජපක්‍ෂ පවසා ඇත්තේ තමා ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධවීමට හෝ එළඹෙන එල් පී එල් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ කිසිදු අදහසක් නොමැති බවයි