Saturday, May 11, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවෙන දෙවන පුහුණු තරගය අදයි




පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගී වන තවත් පෙර පුහුණූ තරගයක් අබුඩාබිහිදී අද පැවැත්වෙනවා. ඒ, පැපුවා නිව් ගිනියා කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11 යි 30 ට ආරම්භ වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම, බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති පළමු පුහුණු තරගයෙන් කඩුළු 04 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කළා.

20 යි 20 ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස පත් කළ මහේල ජයවර්ධන ද මේවනවිට ශ්‍රී ලංකා පිළ සමගින් එක්ව සිටිනවා.

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් 17 වනදා ආරම්භ වීමට නියමිතයි.