Friday, March 29, 2024

General line - 0115112241

සිසුන් එන්නත් කිරීමේ ඍජු මැදිහත්වීමෙන් ගුරු සංගම් ඉවත් වෙයි




උසස් පෙළ සිසුන්ගේ එන්නත්කරණ වැඩසටහන සදහා තමන් ඍජු මැදිහත්වීමක් සිදු නොකරන බව ගුරු විදුහල්පති සංගම් පවසනවා.

කෙසේ එම වෘත්තිය සමිති සදහන් කළේ දරුවන් දැනුවත් කිරීම හා අවශ්‍ය නාමලේඛන සැපයීම පමණක් සිදු කිරීමට ගුරු විදුහල්පතිවරු සූදානම් බවයි.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපාන කොට්ඨාසයේ පාසල්වල උසස් පෙළ සිසුන් සදහා ෆයිසර් එන්නත ලබාදීම හෙට සිට ආරම්භ කෙරෙනවා. එම කටයුතු පිළිබද අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මේ බව සදහන් කළා.

වයස අවුරුදු 18 හා 19 වයස්වල සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම එළඹෙන 21 වනදා පාසල්වලදී සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මේ වනවිටත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

හෙට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ එහි නියමු ව්‍යාපෘතියයි.

අධ්‍යාපන අමාත්‍යාංශ, අතිරේක ලේකම්, එල්.එම්.ඩී.ධර්මසේන පැවසුවේ සියලුම දරු දැරියන් හැඳුනුම්පත සමග එන්නත්කරණ වැඩසටහනට සහභාගී විය යුතු බවයි.

ඒ අනුව අපොස උසස් පෙළ විභාගයට එක් වරක් පෙනී සිටි සිසුන්ටත් ප්‍රථම වතාවට මෙවර පෙනී සිටින සිසුන්ටත් එන්නත ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කලාපවල එන්නත් කිරීම සිදුවන අතර තම පාසලේ විදුහල්පතිවරයාගෙන් ඒ පිළිබද විමසීම් කරන ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශය සිසු දරු දැරියන්ට දැනුම් දෙනවා.