Thursday, April 25, 2024

General line - 0115112241

විරෝධතා මැද කාබනික පොහොර දිස්ත්‍රික්ක 7 ක ගොවීන් අතට




පොහොර අර්බුධය මේ වන විට රටේ ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. පොහොර අර්බුධයට විසදුම් ඉල්ලන ගොවි විරෝධතාද දිනෙන් දින වැඩිවෙමින් ඇති අතර ගොවීන් පවසන්නේ මහා කන්නයට තවමත් කාබනික පොහොර ලැබී නොමැති බවයි.

ගොවියා වගාබිම්වලට වෛර කරන තත්වයක් නිර්මාණය කර ඒ හරහා එම ගොවිබිම් විවිධ සමාගම්වලට අතට පත්කිරීමේ සැලැස්මක් මේ හරහා ක්‍රියාත්මකදැයි සැක පවතින බවයි ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ.

මේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න.

කෙසේවෙතත් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා නෙත් නිවුස් වෙත පැවසුවේ ගොවීන්ට පොහොර ලබාදෙමින් අවශ්‍ය තාක්‍ෂණික උපදෙස් ලබාදීමටද මේ වනවිට සියළු කටයුතු සිදුකර ඇති බවයි.

මෙරට කෘෂිකර්මාන්තය නගාසිටුවීම මෙම වැඩපිළිවලේ ප්‍රමුඛ අරමුණක් බවද ඔහු ප්‍රකාශ කළා.

2021 - 2022 මහ කන්නය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ගොවීන් සිය වී වගාවේ ආරම්භය මහ කන්නයේදී සනිටුහන් කරන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව එම ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර ඇතුළු සියලු ද්‍රව්‍ය අද සිට ලබාදීම ආරම්භ කරන බවයි කෘෂිකර්ම බලධාරීන් පැවසුවේ.

පොටෑසියම් ක්ලෝරයිඩ් අඩංගු කාබනික පොහොර මෙට්්‍රක් ටොන් 30,000 ක් ඊයේ කොළඹ වරාය වෙත රැගෙන ආවා. ඒවා ඊයේ රාත්‍රියේම මහ කන්නයේ ගොවිතැන් කටයුතු ප්‍රමුඛව ආරම්භ කෙරෙන අම්පාර දිස්ත්‍රික්කයටත් අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, මඩකලපුව, හම්බන්තොට සහ පුත්තලම ඇතුළු වී වගා කටයුතු ආරම්භ කර ඇති දිස්ත්‍රික්කවලට බෙදාහැරීමටයි පියවර ගෙන තිබුණේ.

ඒ අනුව එම පොහොර අද සිට ගොවිජනතාව අතට පත්වනු ඇති. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ සියළු ගොවීන්ගෙන් ඉල්ලා සිටියේ පොහොර නොලැබේ යැයි බියෙන් පසු නොවී මහ කන්නයේ වී වගා කටයුතු ආරම්භ කරන ලෙසයි. ගොවීන්ට පොහොර අවශ්‍ය වන්නේ නොවැම්බර් මස මුල් සතිය වනවිට බැවින් ඒ අවස්ථාව වනවිට ගොවීන්ට අවශ්‍ය සියලු පොහොර ලබාදීමට පියවර ගන්නා බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා තහවුරු කර තිබෙනවා.