Tuesday, April 16, 2024

General line - 0115112241

පොලිස් නිලධාරීන් 191 දෙනෙකුට ස්ථාන මාරුවීම්




වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 191 දෙනෙකු ස්ථාන මාරු කර තිබෙනවා.

ඒ, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින්.

මෙලෙස ස්ථාන මාරුවීම් කර ඇත්තේ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, වැඩබලන ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙක් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 185 දෙනෙක්.

සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු කර ඇති මෙම පොලිස් නිලධාරීන් අතර ඉකුත්දා සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් ලද නිලධාරීන් 163 දෙනෙකුද සිටින බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

ස්ථාන මාරු කළ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා වන්නේ ගල්කිස්ස කොට්ඨාසයේ සේවය කළ ඩී ඩී වී පතිරණයි. ඔහු ස්ථාන මාරු කර ඇත්තේ පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානය වෙතයි.

අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මාතලේ පොලිස් කොට්ඨාසය වෙත මාරු කර තිබෙනවා.

පානදුර පොලිස් අධිකාරී ඩී යූ පී අමරතුංග ස්ථාන මාරු කර ඇත්තේ මහජන සාමය කළමණාකරණ කොට්ඨාසය වෙත බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.