Wednesday, April 24, 2024

General line - 0115112241

කොවිඩ් ගැන නව අනාවරණයක්




මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් පසු කොවිඩ් සංකූලතා සැලකිය යුතු කාලයක් පැවතිය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

කොළඹ ජාතික අක්‍ෂි රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක පැවසුවේ දුම්පානය මේ අතරින් වඩාත් භයානක බවයි.

කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක පැවසුවේ පසු කොවිඩ් සංකූලතා දඩමීමා කර ගනිමින් ජනතාව කොල්ලකෑමේ උත්සාහයන් ද මතුවිය හැකි බැවින් ඒ පිළිබදව වැඩි අවධානයකින් පසුවීම වැදගත් බවයි.

කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 10 ත් 30 ත් අතර පිරිසක් පසු කොවිඩ් ආසාදිත තත්ත්වයකට පත්විය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.