Friday, March 29, 2024

General line - 0115112241

ප්‍රවීන මාධ්‍යවේදී වසන්තප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත වෙයි




ප්‍රවීන මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසූව දශකයේ සිට මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ඒ මහතා පෙරමඟ සඟරාවේ මාණ්ඩලික ලේඛකයෙකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළා.

ඔහු කලක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයෙකු ලෙසද කටයුතු කළා.

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වූ වසන්තප්‍රිය රාමනායක මහතා 67 හැවිරිදි වියේ පසු වුණා.

ඒ මහතාගේ දේහය මේ වන විට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පස්වරු 3.00 ට බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරෙනවා.