Tuesday, April 23, 2024

General line - 0115112241

කාබනික පොහොරෙන් ගොවිතැන් කරන්න ගොවීන්ගෙන් කොන්දේසි 4 ක්




මෙවර මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය හා රජය අතර එකඟතාවයට පැමිණ තිබෙනවා. 

ඒ, එම නියෝජීතයින් හා කෘෂිකර්ම අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදීයි. එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ මහ කන්නයේ වී ගොවිතැන සාර්ථක කර ගැනීම සඳහා කොන්දෙසි 04ක් රජය විසින් ඉටුකර දිය යුතු බවයි.

ගොවි සංවිධාන බලමණ්ඩලය ඉදිරිපත්කර තිබූ කොන්දේසි වන්නේ කාබනික පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා නියමිත කාලයට ලබාදීම, පොහොරවල වගකීම රජය භාර ගැනීම, වී අස්වැන්න අඩුවීමක් හෝ වෙනත් හානියක් සිදුවුව හොත් එහි වගකීම රජය භාරගෙන සිදුවන හානි සඳහා වන්දි ගෙවීම යන්නයි. 

මීට අමතරව දැනට වෙළඳපොලේ ඇති කෘමිනාශක, වල්නාශක අධික මිලට විකිණීම පාලනය කර සහතික මිලකට ඒවා මිලදී ගැනීමට ගොවියාට අවස්ථාව ලබාදිය යුතු බවට වන කොන්දේසියක් මෙහිදී ඉදිරිපත් කර තිබෙනවා. 

මෙම කරුණු සම්පූර්ණ වන්නේ නම් ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බලමණ්ඩලය දිවයින පුරා ප්‍රාදේශීය ගොවි සංවිධාන දැනුවත් කර මහ කන්නයේ කාබනික වී ගොවිතැන සාර්ථක කරගැනීමට සහාය දෙන බවයි ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය පවසා ඇත්තේ. අදාළ කොන්දේසි ඉටු කිරීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවා.

මේ අතර පොහොර ගැටළුව මුල් කර ගනිමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක අදත් විරෝධතා පැවැත්වුණා. මේ, පොළොන්නරුවේදී එවන් විරෝධතාවකට එක් වූ ගොවීන් පිරිසක්.

පොහොර ගැටළුව සම්බන්ධයෙන් පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයින්ද අදහස් පළ කළා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ.

අමාත්‍ය නාමල් රාජපක්‍ෂ ද අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පළ කළේ මෙවන් අදහසක්.

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ අතර රේගුවෙන් විනාශ කරන්නට නියමිතව තිබූ කසල තේ තොගයක්  කාබනික පොහොර වලට මිශ්‍ර කිරීමට ගෙන ආ බව කියන සිද්ධියක් හේතුවෙන් එප්පාවල ප්‍රදේශයේ උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා. 

ඒ, අදාළ කසල තේ තොග වල ඇසුරුම් එප්පාවල ඇඳගල ප්‍රදේශයේ රජයේ වී ගබඩාවේදී ගිණි තැබීමත් සමගයි.