Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ජයක් 




පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පැවති තවත් පෙර පුහුණු තරගයකින් ශ්‍රී ලංකා කණ්ඩායමට අද ලකුණු 38 ක ජයක් හිමි වුණා. 

ඒ, පැපුවා නිව්ගිනියා කණ්ඩායමට එරෙහිවයි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 5 ක් දැවී ලකුණු 162 ක් රැස් කළා. එහිදී පැතුම් නිශ්ශංක පන්දු 58 කදී ලකුණු 76 ක් රැස් කළ අතර අවිශ්ක ප්‍රනාන්දු පන්දු 37 කදී ලකුණු 61 ක් රැස් කළේ යළි පිත්තෙන් දස්කම් දැක්වමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පැපුවා නිව්ගිනියා කණ්ඩායමට නියමිත පන්දුවාර විස්සේදී රැස්කර ගත හැකි වූයේ කඩුළු 7 ක් දැවි ලකුණු 124 ක් පමණයි. පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 16 කට කඩුළු 2 ක් සහ දුෂ්මන්ත චමීර ලකුණු 21 කට කඩුළු 2ක් බිද හෙළුවා. එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන සුදුසුකම් ලැබීමේ වටයට පෙර සහභාගි වූ අවසන් පුහුණු තරගය මෙයයි. එමෙන්ම ඕමාන තරග 2 ද සමග ශ්‍රී ලංකාව අඛණ්ඩව ලැබූ සිව් වන විස්සයි විස්ස තරග ජය ද මෙය වනවා.

ශ්‍රී ලංකාව සහ නැම්බියාව අතර පැවැත්වෙන මූලික වටයේ පළමු තරගය ලබන සදුදා පැවැත්වීමට නියමිතයි.