Thursday, April 18, 2024

General line - 0115112241

21 වනදා පාසල් විවෘත කලත් ගුරුවරු දැඩි තිරණයක 




ලබන 21 වනදා පාසල් විවෘත කළද සේවයට වාර්තා නොකිරීමේ ස්ථාවරයේ තවදුරටත් සිටින බව ගුරු වෘත්තීය සමිති අදත් අවධාරණය කළා. 

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං පැවසුවේ කුමන බලපෑම් එල්ල වුවද වර්ජනය අත්නොහරින බවයි.

මේ අතර ලබන 21 වනදා පාසල් ආරම්භ කිරීමෙන් පසු පාසල් වෙත පැමිණෙන ගුරුවරුන්ට තර්ජනය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.