Friday, March 29, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යය මන්ත්‍රීවරයෙකු පිහි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට




බ්‍රිතාන්‍යය කොන්සර්වේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීමත් ඩේවිට් අමෙස් ඝාතනය කර තිබෙනවා. එක්සර්ස්හි ජන හමුවක් අතරතුරදී සිදු කළ පිහි ප්‍රහාරයකින් ඔහු ඝාතනය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 

මෙය ත්‍රස්තවාදී ක්‍රියාවත් විය හැකි බවට මොට්‍රෝපොලිටන් පොලිසිය සැක කරනවා. 

සිද්ධියට සම්බන්ධ සැකකරු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු 25 හැවිරිදි බ්‍රිතාන්‍යය ජාතිකයෙකු බවටයි හදුනාගෙන ඇත්තේ. 69 හැවිරිදි ශ්‍රීමත් ඩේවිඩ් අමෙස් 1983 වසරේ සිට බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා.