Friday, April 26, 2024

General line - 0115112241

2021 දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය අද




13 වන දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ අවසන් මහ තරගය ඉන්දියාව සහ නේපාලය අතර අද රාත්‍රියේ පැවැත්වෙනවා. මාලේ ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 8 යි 30ට ආරම්භ වීමට නියමිතයි. 

නේපාලය, දකුණු ආසියානු පාපන්දු තරගාවලියක අවසන් තරගයකට එක්වන්නේ පළමු වරටයි. ඉන්දීය පාපන්දු කණ්ඩායම මීට පෙර 7 වරක් දකුණු ආසියානු පාපන්දු ශූරතාව දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඔවුන් අවසන් වරට එම ශූරතාව දිනා ගත්තේ 2015 වසරේදීයි.