Saturday, April 20, 2024

General line - 0115112241

සංචරණ සීමා දීර්ඝ කළත් පළාත් අතර බස් දුවන්න රාජ්‍ය ඇමති සැරසෙයි

කමල් සුරවීර




සංචරණ සීමා යළි දීර්ඝ කලහොත් රැකියාවල නිරත පුද්ගලයන් වෙනුවෙන් බස්රථ කිහිපයක් පළාත් අතර ධාවනය කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර අද සිට ලබන 21 වනදා දක්වා පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිලධාරීන් උපදෙස් ලබාදුන්නා.  ඔක්තෝම්බර් මස 19 සහ 20 යන දිනවලදී යෙදී ඇති නිවාඩු දිනයන් සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වල ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂා කිරීම්වලට ලක් කරන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්‍ෂ අංශ වෙත උපදෙස් ලබා දුන්නේ. ඒ ඊයේ පැවති කොවිඩ් කාර්ය සාධක බලකායේ රැස්වීමේදීයි. 

ඒ අනුව දීර්ඝ සතිඅන්ත නිවාඩු වෙනුවෙන් වාහන පරීක්‍ෂා කිරීමම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ. 

කෙසේවෙතත් අද දිනයේද පළාත් මායිම් හරහා වෙනදා මෙන් ජනතාව ගමන් කරන ආකාරයක් දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කළා.