Thursday, April 25, 2024

General line - 0115112241

දේශීය කිරි ගොවින් දියර කිරි ලීටරයකට රුපියල් 20ක මිල වැඩි වීමක් ඉල්ලයි




දේශීයව නිපදවන කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 90කින් ඉහල දැමුවේ නම් කිරි ගොවීන් ලබා දෙන දියර කිරි ලීටරයක මිල රුපියල් 20කින් ඉහල දමන ලෙස අදාල සමාගම්වලින් ඉල්ලා සිටින බව නුවරඑළියේ කිරි ගොවින් පවසනවා. 

දේශීය දියර කිරි ලීටරයක් සඳහා දැනට ගෙවන මුදල රුපියල් 80ක්. එහෙත් සත්ව ආහාර මිල ඉහලයාම හේතුවෙන් සිය නිෂ්පාදන පිරිවැය ඉහල ගොස් ඇති බවයි කිරි ගොවීන් පවසන්නේ.  

දියර කිරි ලීටරයක් සඳහා රුපියල් 07ක මිල වැඩි කිරීමක් සිදු කිරීමට අදාල සමාගම් තීරණය කර ඇතත් එය ප්‍රමාණවත් නොවන බවද නුවරඑළියේ කිරි ගොවීන් පවසනවා.