Saturday, April 20, 2024

General line - 0115112241

50 ක් FCIDයට කැඳවයි




මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව නිලධාරීන් 50 දෙනෙකු අද (11) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබෙනවා.

ඉකුත් රජය සමයේ සිදුව ඇතයි ප‍ැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ආයතන කිහිපයක නිලධාරීන් මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

මේ යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයේ, සංචාරක මණ්ඩලයේ, සංචාරක අමාත්‍යාංශයේ, ඉන්ජිනේරු කාර්යංශයේ, සේවක ආර්ථ සාධක අරමුදලේ, ලංකා විදුලිබල මණ්ඩලයේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ, මගනැඟුමේ හා සී.එස්.එන් නාලිකාවේ නිලධාරීන් වන බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.