Thursday, April 25, 2024

General line - 0115112241

දෑත් පිරිසිදුකාරක දියර පානය කර මිය ගිය ඉරාන ජාතිකයින්ගේ මෘත දේහයන් සතියක කාලයක් සුරක්ෂිතව තබයි 




කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටියදී දෑත් පිරිසිදුකාරක දියර පානය කර මිය ගිය ඉරාන ජාතිකයින්ගේ මෘත දේහයන් සතියක කාලයක් සුරක්ෂිතව තබන ලෙස කොළඹ පිහිටි ඉරාන මහ කොමසාරිස් කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා. 

මිය ගිය ඉරාන ජාතිකයින් දෙදෙනාගේ ඥාතීන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන තෙක් එම කාලය ඉල්ලා ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ. 

මිය ගිය ඉරාන ජාතිකයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනෙක් මෘත දේහය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.