Friday, March 29, 2024

General line - 0115112241

අවුරුදු 30 ට වැඩි බොහෝ පිරිසකට කොරෝනා මර්දන එන්නත - හමුදාපති




මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ අවුරුදු 30 ට වැඩි බොහෝ පිරිසකට මේවනවිට කොරෝනා මර්දන එන්නත ලබාදී ඇතැයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඔහු කියා සිටියේ මේවනවිට මෙරට පුද්ගලයින් එක් කෝටි විසිහත් ලක්ෂ 83,535 දෙනෙකු පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවයි.

මේ අතර මෙරට කොරෝනා මර්දන වැඩසටහන යටතේ පුද්ගලයින් 13,832 දෙදෙනෙකුට ඊයේ කොරෝනා මර්දන එන්නතක දෙවන මාත්‍රාව ලබාදී තිබෙනවා.

ඉන් 11,073 දෙනෙකුට ලබා දී ඇත්තේ සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාවයි.

පුද්ගලයින් 1,348 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාවත්, පුද්ගලයින් 1,241 දෙනෙකුට ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාවත් ඊයේ ලබාදී තිබුණා.