Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති තනතුරෙන් ඉවතට 




ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට එහි මධ්‍යම කාරක සභාව අද තීරණය කළා. 

ඒ, එම පක්ෂ මුලස්ථානයේ අද පැවති මධ්‍යම කාරක සභා රැස්විමේදීයි. ගුරු විදුහල්පති වර්ජනය සම්බන්ධයෙන් රාජා කොල්ලුරේ සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් ඔහු එම ධූරයෙන් ඉවත් කෙරුණු බවයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ප්‍රකාශ කළේ.
 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කෝල්ලුරේ සඳහන් කළේ තමන් එම ධුරයෙන් ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී බවයි.