Tuesday, April 23, 2024

General line - 0115112241

සුපිරි හඹා යාමක් සමග ශ්‍රී ලංකා පිළට විශිෂ්ඨ ජයක්




පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 05කින් පරාජය කරමින්. 

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20දී කඩුලු 04ක් දැවී ලකුණු 171ක් රැස් කළා. සුපිරි හඹා යාමක නිරත වූ ශ්‍රී ලංකා පිතිකරුවන් එම ඉලක්කය පසු කළ ගියේ 19වන පන්දුවාරයේදීයි. බිද වැටුනු කඩුලු සංඛ්‍යාව 05ක්. 

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ චරිත් අසලංක සහ භානුක රාජපක්ෂයි. ඔවුන් දෙදෙනා පස්වන කඩුල්ලට පන්දු 52කදී ලකුණු 86ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වුණා. චරිත් අසලංක පන්දු 49කදී නොදැවී ලකුණු 80ක් රැස් කළා. 

භානුක රාජපක්ෂ පන්දු 38කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 53ක්. තරගයේ වීරයා චරිත් අසලංක. ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන මීලග තරගය ලබන 28වනදා ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැත්වෙනවා. ඒ, ඩුබායිහීදියි. 

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව ඊයේ ලද විශිෂ්ඨ ජයග්‍රහණයත් සමග මෙරට මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින් ද උද්දාමයට පත්ව සිටිනවා. මේ, ඊයේ තරගය නැරඹීම සඳහා සාජා පිටියට පැමිණ සිටි ශ්‍රී ලාංකිකයින් එම ජයග්‍රහණයෙන් අනතුරුව පළ කළ අදහස්.