Wednesday, April 24, 2024

General line - 0115112241

බිරිඳට ප්‍රතිකාර ගන්න යන්න හිටපු ඇමතිගෙ තහනම ඉවතට




වසර පහක කාලයක් අඛණ්ඩව සිය වත්කම් සහ බැරකම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම අද (11) ඉවත් කෙරුණා.

ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටියගේ නියෝගයකට අනුවයි.

තම බිරිදට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට සිංගප්පූරුව බලා යාමට අවශ්‍ය බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මෝසමක් මගින් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණා.  ඒ අනුව ලබන සැප්තැම්බර් මස 6 වැනිදා තෙක් ඔහුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන බවයි මහේස්ත‍්‍රාත්වරයා ප‍්‍රකාශ කළේ.