Friday, April 19, 2024

General line - 0115112241

තාජුඩීන්ගේ මරණය ගැන ආන්දෝලනාත්මක වාර්තාවක්




රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර නොසැලකිලිමත් ලෙස එම කටයුතු සිදුකර ඇති බව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (11) අනාවරණ වුණා.

ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම අධිකරණයට ලබාදුන් වාර්තාවකට අනුවයි. එම වාර්තාවේ  දැක්වෙන්නේ කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ නොසැලකිල්ල හේතුවෙන් තාජුඩීන්ගේ සිරුරේ කොටස් කිහිපයක් අස්ථානගත වී ඇති බවයි. ඊට හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වගකිවයුතු බවද එම වාර්තාවේ දැක්වෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය විශේෂ විමර්ශනයක් සිදු කළා. එහිදී මෙම කරුණු අනාවරණ වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම ලබාදුන් වාර්තාවේ දැක්වෙන්නේ.