Friday, March 29, 2024

General line - 0115112241

බ්‍රසීල පාපන්දු කණ්ඩායම ඔලිම්පික් රන් පදක්කමට ඇදෙයි




මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළලේ පිරිමි පාපන්දු ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නේමාර් ද සිල්වා ප‍්‍රමුඛ බ‍්‍රසීල පාපන්දු කණ්ඩායම අද (11) සමත් වුණා.

එ් ඩෙන්මාර්කය සමග පැවති තුන්වැනි තරගය ගෝල 04 ට බින්දුවක් ලෙස ජය ගනිමින්. බ‍්‍රසීල පාපන්දු කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේදී කොලොම්බියාව සමග තරග වැදීමට නියමිතයි.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග ලබන 13 වැනිදා ආරම්භ වන අතර ඒ සඳහා දකුණු කොරියාව, හොන්ඩුරාස්, නයිජීරියාව, ඩෙන්මාර්කය, පෘතුගාලය සහ ජර්මනිය සුදුසුකම් ලබා සිටිනවා.

ඉකුත් 2012 ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා උළලේ පිරිමි පාපන්දු ඉසව්වේ රන් පදක්කම මෙක්සිකෝව දිනාගත් අතර රිදී පදක්කම හිමිවූයේ බ‍්‍රසීලයටයි. ලෝකඩ පදක්කම දකුණු කොරියාව විසින් දිනා ගත්තා.

bra 70013989602_10210331401227725_687697382_n 14002305_10210331401267726_974963644_o