Thursday, March 28, 2024

General line - 0115112241

චීනය තුළ ඉන්ධන අර්බුදයක්




චීනය තුළ ඉන්ධන අර්බුදයක් මතුව තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ රට තුළ ඇති ඩීසල් හිගයයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩීසල් මිල ඉහළ යාමත් සමග සැපයුමද පහත වැටී ඇති බවයි.

මේ හේතුවෙන් ඩිසල් ලබාදීම සිමා කිරීමට එරට ඉන්ධන පිරවුම්හල් තීරණය කර ඇත්තේ.

බොහෝ ට්‍රක්රථ රියදුරන්ට ඉන්ධන ලබාගැනීම සදහා සම්පූර්ණ දිනයක් ඉන්ධන පිරවුම්හල් අසල ගත කිරීමට සිදුව තිබෙනවා. චීනයේ ඩීසල් හිගයක් මතුවූයේ ගල් අගුරු සහ ස්වභාවික ගෑස් හිගය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබියදීවීම විශේෂත්වයක්.

ගල් අගුරු සහ ගෑස් හිගය හේතුවෙන් කර්මාන්ත ශාලා වැසී යාමක් සහ නිවෙස්වලට විදුලිය සැපයීමේ අර්බුදයකටද මේ වනවිට මුහුණ දී තිබෙනවා.

මේ වනවිට පවතින ඩීසල් හිගය හේතුවෙන් චීනයේ නිෂ්පාදිත භාණ්ඩවල මිලද ඉහළයාමේ අවදානමක් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.