Thursday, April 25, 2024

General line - 0115112241

ආසියාවෙන් මෙතක් හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය




ආසියානු කළාපයෙන් මෙතෙක් හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලාඕසයෙන් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා. 

මෙම මත්ද්‍රව්‍ය තොගයේ මත් පෙති මිලියන 55 ක්ද, තවත් මත්ද්‍රව්‍ය ටොන් 1.5 කට අධික සංඛ්‍යාවක් ද පැවති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ. මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ තායිලන්ත හා මියන්මාර දේශසීමාව ආසන්න ප්‍රදේශයේදියි. 

මෙම ප්‍රදේශය සැලකෙන්නේ රන් ත්‍රීකෝණය ලෙසයි. ඒ, මත්ද්‍රව්‍ය නිපදවීම සම්බන්ධයෙන් මෙම ප්‍රදේශයේ දීර්ඝ ඉතිහාසයක් පැවතීම හේතුවෙන්.