Thursday, April 25, 2024

General line - 0115112241

මරණ දඬුවම වෙනුවෙන් දුම්රියක් තුළදී මිනිසුන් මරන්න හැදු "ජෝකර්" (PHOTOS / VIDEO)




බැට්මෑන් චිත්‍රපටයේ එන ජෝකර් ගේ චරිත්‍රයට සමාන අයුරින් සැරසුණු 24 හැවිරිදි පුද්ගලයෙකු විසින් ජපානයේ ටෝකියෝ අගනුවර දුම්රියක් තුලදී සිදුකරනු ලැබූ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

Halloween උත්සවය සැමරීමේ සාදයකට යමින් සිටි පිරිසකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

ප්‍රහාරය එල්ල කරනු ලැබූ තැනැත්තා දුම්රිය ස්ථානය තුලදීම අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන්ට මරණ දඬුවම ලබා ගැනීමට අවශ්‍ය නිසා මෙම ප්‍රහාරය දියත් කළ බවයි.

ප්‍රහාරය එල්ල කරනු ලැබූ තැනැත්තා ඒ සඳහා තියුණු ආයුධයක් මෙන්ම ගිනි ගන්නා සුළු ද්‍රව වර්ගයක් ද යොදා ගෙන තිබු බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ. 

ප්‍රහාරකයා විසින් දුම්රියේ ගමන් කරමින් සිටි පුද්ගලයින්ට තියුණු ආයුධයෙන් පහර දීමෙන් අනතුරුව ගිනි ගන්නා ද්‍රව වර්ගයක් ඔවුන් මතට ඉස ගිනි තැබීමට උත්සාහ කළ බවටද වාර්තා වනවා.

ප්‍රහාරය එල්ල වෙමින් තිබු අතර වාරයේදී දුම්රිය ස්ථානයක් වෙතට දුම්රිය ලඟා වීමත් සමග එහි සිටි මගීන් දුම්රියේ ජනේල වලින් පැන දිවි බේරා ගැනීමට දිවගොස් තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.