Thursday, April 25, 2024

General line - 0115112241

හෘද රෝගීන්ට සහනයක්




හෘද රෝගීන් සඳහා අවශ්‍ය වන ස්ටෙන්ට්ස් නමැති උපකරණය නොමිලේ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළේ තමන් ඊට අදාළ නියෝගය අමාත්‍යාංශ ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ලබාදුන් බවයි.

හෘද රෝග ඒකකවල ප‍්‍රතිකාර ලබන රෝගීන්ගේ ශල්‍යකර්ම සඳහා මෙම උපකරණය පෞද්ගලික සමාගම්වලින් මිළදී ගැනෙනවා. එය වහාම නතර කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.