Thursday, April 18, 2024

General line - 0115112241

චීනයේ ෂැංහයි නුවර පිහිටි ඩිස්නිලන්තය වසා දමයි 




චීනයේ ෂැංහයි නුවර පිහිටි ඩිස්නිලන්තය වසා දමා තිබෙනවා. 

ඒ දින 02 ක කාලයක් සඳහායි. කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් ඩිස්නිලන්තය එලෙස තාවකාලිකව වසා දමා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

සති අන්තයේදී ඩිස්නිලන්තය වෙත පැමිණි නරඹන්නෙකු යළි සිය නිවසට පැමිණීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයකදී අදාළ පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් කළ දැනුම්දීමෙන් අනතුරුවයි ඩිස්නිලන්තය වසා දමා ඇත්තේ. ඒ අනුව ඩිස්නිලන්තයේ සේවයේ නියුතු කාර්යය මණ්ඩලය හා එය විවෘත කළ පසුව පැමිණෙන නරඹන්නන් කොරෝනා පරීක්ණයකට ලක් කිරීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ. ඊයේ දිනයේදීත් චීනයෙන් කොරෝනා ආසාදිතයින් 92 දෙදෙනෙකු වාර්තා වුණා. 

ලබන පෙබරවාරි මාසයේදී ආරම්භ වීමට නියමිත සීත ඍතු ඔලිම්පික් උළෙලට පෙර සිය රටින් කොරෝනා වෛරසය තුරන් කර ගැනීමයි චීනයේ අරමුණ වී ඇත්තේ.