Wednesday, April 24, 2024

General line - 0115112241

සුසානය සිසාරා ‘කවිපද ඇසේ’ – විජය දැයෙන් සමුගනී




අභාවප්‍රාප්ත විජය නන්දසිරි මහතාගේ අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියේදී මේ වන විට සිදු වනවා.

එහිදී ගුණකථන සියල්ල අවසන්වී ඇති අතර බණ්ඩාර ඇහැළියගොඩ ලියූ කවියකින් අවමංගල්‍ය සභාව අවසන් කරනු ලැබුවා.

“තිරයෙත් කරළියෙත් එක ලෙස උන්නේය
රසවත් අයට රස නොඅඩුව දුන්නේ ය
නගරෙත් ගමෙත් සුදු කොඩි එසවෙන්නේය
විජය අද අපෙන් සමුගෙන යන්නේය ”
යනුවෙන් එම කවිපද ජානක වික්‍රමසිංහ විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

 


කොරියාවේ සිටින ‘මහින්දගෙන්’ විජයගේ අවසන් මොහොතට පණිවිඩයක්

Aug 11, 2016 @ 16:00

අභාවප්‍රාප්ත විජය නන්දසිරි මහතාගේ අවසන් කටයුතු මේ වනවිට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු වනවා.

එහිදී ගුණකථන කිහිපයක්ද සිදුවූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සිය ශෝක පණිවිඩයක් යොමු කර තිබුණා.

එම පණිවිඩය ඉදිරිපත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතායි.

මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට සිටින්නේ විදෙස්ගතවයි.

තමන් විදේශ ගතව සිටියද සිය මිතුරෙකු වූ විජය නන්දසිරි මහතාගේ මෙම මරණය දැනගත් සැණින් ශෝකයට පත්වූ බවයි මහින්ද රාජපක්ෂ මහතා එම පණිවිඩයෙන් සඳහන් කර ඇත්තේ.

 


සමුගන්න අවසරයි – විජය රැගත් රිය පෙරහැර අවසන් ගමන ඇරඹු වගයි (PHOTOS)

Aug 11, 2016 @ 16:00

අභාවප්‍රාප්ත විජය නන්දසිරි මහතාගේ දේහය රැගත් රිය පෙරහැර මේ වන විට ගල්කිස්ස කලාපුර නිවසින් පිටත්ව ගොස් තිබෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියේදී නියමිතයි.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

mo nnn v11 v44 v111 v111n

 


රටක් හඬවමින් විජය දැන් අවසන් ගමනේ (UPDATE)

Aug 11, 2016 @ 15:30

අභාවප‍්‍රාප්ත වූ ප‍්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ ආගමික කටයුතු ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති ගල්කිස්ස කලාපුර නිවසේ දී මේ වන විට සිදුවනවා.

නිවසේදී පවත්වන ආගමික වතාවත්වලින් අනතුරුව දේහය ගල්කිස්ස පොදු සුසාන භූමිය වෙත රැගෙන ඒමට නියමිතයි.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

6 8 9 10

 


කලාපුර පිරී යයි – විජය සමුගන්න සුදානම්(PHOTOS)

Aug 11, 2016 @ 12:56

අභාවප‍්‍රාප්ත වූ ප‍්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11) සවස 4.15ට පමණ ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ගල්කිස්ස කලාපුර නිවසේ තැන්පත් කර ඇති ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් මේ වන විටත් පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

අද සවස 3.30ට පමණ නිවසේදී පවත්වන ආගමික වතාවත්වලින් අනතුරුව දේහය ගල්කිස්ස පොදු සුසාන භූමිය වෙත රැගෙන ඒමට නියමිතයි.

13814044_1732092300380074_3238994322232083692_n 13920786_1732092277046743_4827041181616162906_n

13936637_1118718124869180_1966691705_n