Saturday, April 20, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදිතයින් වෙනුවෙන් පළමු වරට ප්‍රතිජීවක ඖෂධයක්




කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිකාර සඳහා පළමු වරට ප්‍රතිවෛරස් ඖෂධයක් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් විසින් අද අනුමත කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

molnupiravir යනුවෙන් හඳුන්වනු ලබන මෙම ප්‍රතිජීවක ඖෂධය කොවිඩ් රෝගීන් ගේ ප්‍රතිකාර සඳහා අනුමත කරන ලද පළමු පෙත්ත බවයි සැලකෙන්නේ.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ අද දිනය තම රටට “ඓතිහාසික දිනයක්” ලෙසයි.

උණට රෝගය වැළදුණු රෝගීන් සඳහා ලබාදීමට සකස් කරන ලද මෙම ප්‍රතිවෛරස් පෙත්ත, කොවිඩ් ආසාදනය වූ රෝගීන් රෝහල්ගත වීමේ සහ මරණ අවදානම අඩු කිරීමට “ආරක්ෂිත සහ එලදායි” ප්‍රථිපල පෙන්වූ බවයි එරට සෞඛ්‍ය නියාමන ආයතනය සඳහන් කර සිටින්නේ.

බ්‍රිතාන්‍යයේ ඖෂධ සහ සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන නියාමන නියෝජිතායතනයේ වාර්තාන්ට අනුවමෙම ඖෂධය “ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව” පිළිබඳ “දැඩි සමාලෝචනයකින්” ඊට අනුමැතිය ලබා දීමට තීරණය ගෙන ඇත.

සායනික පරීක්ෂණ දත්ත යෝජනා කර ඇත්තේ ආසාදනයේ මුල් අවධියේදී මෙම ඖෂධය රෝගීන්ට ලබාදීම වඩාත් ඵලදායී බවයි.