Thursday, April 25, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටය පිළිබද බලාපොරොත්තු ඉහළ නංවා ගනී 




20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය පිළිබද බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට ඔස්ට්‍රේලියාවට අද හැකි වුණා. 

ඒ, බංග්ලාදේශයට එරෙහි තරගය කඩුළු 8 ක ජයක් වාර්තා කිරීමත් සමගයි. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශයට පන්දුවාර 15 ක් තුළ සියළු දෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 73 ක් පමණයි. 

ඇඩම් සම්පා ලකුණු 19 කට කඩුළු 5 ක් බිද හෙළුවා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ටේ්‍රලියාව පන්දුවාර 6 යි පන්දු 2 ක් තුළ කඩුළු 2 ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. 

ඒ අනුව ඉහළ දළ ලකුණු වේගයක්ද සමග ඔස්ට්‍රේලියාව පළමු ඛාණ්ඩායේ 2 වන ස්ථානයට පත්වීමට සමත් වුණා. 

මේ අතර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගයි.