Friday, March 29, 2024

General line - 0115112241

පරාජයෙන් පසු කොදෙව් සුපිරි තරුවක් ක්‍රිකට් හැරයයි




පන්දුවාර 20 යි විස්ස ක්‍රිකට් පිටියට බටහිර ඉන්දිය කොදෙව් දේශයෙන් බිහිවූ තවත් සුපිරි තරුවක් වන ඩ්වේන් බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු සිය සමුගැනීම නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළේ ශ්‍රී ලංකාව සමඟ ඊයේ පැවති තරඟය පරාජයට පත්වීමෙන් අනතුරුවයි.

තුන් ඉරියව් ක්‍රිඩකයෙකු ලෙස ඩ්වේන් බ්‍රාවෝ වසර 18 ක් කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සිය දායකත්වය දුන් අයෙක්. 20 විස්ස ක්‍රිකට් පිටියේ වේගය අඩාල කරමින් සිදු කරන පන්දු යැවීමේ ප්‍රමුඛයෙකු ලෙස ද ඔහු සැලකෙනවා.

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා ගමන සහ ඉදිරි අනාගතය පිළිබඳ ශ්‍රී ලංකා නායක දසුන් ශානක මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. ඔහු පැවසුවේ තීරණ ගැනීමේදී සිදුවූ වැරදි හේතුවෙන් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමිවී ගිය බවයි.

නවක ක්‍රීඩකයින්ගේ දක්ශතා සහ ඉදිරි සැලසුම් පිළිබඳව ද ඔහු අදහස් පළ කළා.

නායකයෙකු ලෙස කටයුතු කිරීම හේතුවෙන් පෞද්ගලික දක්ෂතාවලට බලපෑමක් සිදුවූයේදැයි මාධ්‍යවේදීන් මෙහිදී ශ්‍රී ලංකා නායක දසුන් ශානකගෙන් ප්‍රශ්ණ කළා.

මේ අතර 20 යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ දෙකක් අද පැවැත්වෙනවා.

පළමු තරඟය නවසීලන්තය හා නැමීබියාව අතරත්, දෙවන තරගය ඉන්දියාව සහ ස්කොට්ලන්තය අතරත් පැවැත්වීමට නියමිතයි.