Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා නාමය ලෝක කුසලාන වාර්තා අතර පෙරමුණට




මෙවර පන්දුවාර 20 යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුවද ශ්‍රී ලංකා නාමය ලෝක කුසලාන වාර්තා අතරට එක්වී තිබෙනවා. ඒ අතරින් ප්‍රදාන වන්නේ මෙවර තරඟාවලියේ මෙතෙක් වැඩිම කඬුලු සංඛයාවක් බිද හෙලූ ක්‍රීඩකයා බවට වනිදු හසරංග පත්ව තිබීමයි. 

වනිදු තරඟ 08 කදී බිද හෙලා ඇති කඩුලු සංඛයාව 16 ක්. තරඟාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභීන් අතර පළමු ස්ථාන දෙකම ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. එහි පළමු ස්ථානයේ පසුවන්නේ තරඟ 06 කදී ලකුණු 231 ක් රැස් කළ චරිත් අසලංකයි. දෙවන ස්ථානයේ පැතුම් නිස්සංක පසුවන්නේ ලකුණු 221 ක් ද සමඟයි. 

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ නැමීබියාව සහ නවසීලන්තය අතර තරඟය සාජාහිදී දැන් පැවැත්වෙනවා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය ලකුණු 163 ක් රැස් කළ අතර නැමීබියාවට රැස් කරගත හැකි වූයේ ලකුණු 111 ක් පමණයි. 

ඉන්දියාව සහ ස්කොට්ලන්තය අතර තරඟය තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා.