Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු දූෂණය ඉහළට




ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු දූෂණය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ, දීපවාලි උත්සවය වෙනුවෙන් දැල්වූ ගිණි කෙළි හේතුවෙන්. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ දිල්ලි අගනුවර වාතයේ ගුණාත්මකභාවය අනතුරුදායක මට්ටමකට පහත වැටී ඇති බවයි. 

මීට ප්‍රදාන හේතුව වී ඇත්තේ තහනමද නොතකා ජනතාව ඊයේ රාත්‍රියේ නගරය පුරා රතිඤ්ඤා දැල්වීමයි.

සාමාන්‍යයෙන් වායු තත්ත්ව දර්ශකවලට අනුව බිංදුවේ සිට 50 දක්වා මට්ටම යහපත් ලෙසත්, 51 සිට සියය දක්වා මට්ටම සතුටුදායක ලෙසත් සැළකෙනවා. එහෙත් දිල්ලි නුවර අද වන විට වායු දූෂණ සාන්ද්‍රණය ඝණ මීටරයකට 999 ක් බවත්, තවත් ස්ථාන කිහිපයක 500 ක මට්ටමේ පැවති බවත් සඳහන්. ලෝකයේ වායු දූෂණය අතින් වඩාත් දූෂිතම අගනුවර ලෙස දිල්ලි නුවර සැලකෙනවා.