Friday, March 29, 2024

General line - 0115112241

ලෝකයේ ආහාර මිල වසර 10 කට පසු උපරිම අගයකට




වසර 10 කට පසු ලෝකයේ ආහාර මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන්නේ ඉකුත් වසරේදී පමණක් ආහාර මිල ගණන් සියයට 30 කටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි.

සැපයුම් අඩාල වීම, නිෂ්පාදන භාණ්ඩ මිල ඉහළ යාම, කර්මාන්ත ශාලා වැසී යාම සහ දේශපාලන අස්ථාවරත්වයන් මෙම තත්ත්වයට ප්‍රධාන හේතු වී තිබෙනවා. ශ්‍රමය හිඟවීම, ආහාර නිෂ්පාදනය අඩුවීම, ප්‍රවාහන වියදම් ඉහළ යාමද ඊට බලපා ඇති බවයි පැවසෙන්නේ. 

කිරි නිෂ්පාදන මිල ද ඉකුත් වසරට සාපේක්ෂව සියයට 16 කින් ඉහළ ගොස් තිබෙනවා. කැපී පෙනෙන ලෙස මිල ඉහළ ගොස් ඇති ආහාර වර්ග අතරට ධාන්‍ය වර්ග ද අයත්. 

ඉකුත් වසරට සාපේක්ෂව ධාන්‍ය මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ සියයට 22 කින්. තිරිඟු මිල පමණක් සියයට 40 කින් වැඩි වී තිබීම කැපී පෙනෙනෙ තත්ත්වයක්. එළවලු තෙල් මිල ගණන් ද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.