Friday, March 29, 2024

General line - 0115112241

අවසන් පුර්ව වටය සඳහා ඉන්දියාව බලාපොරොත්තු රඳවා ගනියි




මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරිය පිළිබද බලාපොරොත්තු වැඩි කර ගැනීමට ඉන්දීය කණ්ඩායමට ඊයේ හැකි වුණා. ඒ, ස්කොට්ලන්තය කඩුළු 8 කින් පරාජය කරමින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය ලකුණු 85 ක් රැස් කළ අතර ඉන්දියාව එම ඉලක්කය කඩුළු 2 ක් පමණක් දැවී පසුකර ගියේ පන්දුවාර 6 යි පන්දු 3 ක් තුළයි. 

පන්දු 81 ක් ඉතිරිව තිබියදී ලැබූ මෙම ජයග්‍රහණය හේතුවෙන් ඉන්දියාවේ දල ලකුණු වේගයේ සීග්‍ර වැඩිවීමක් සිදුවුණා. ඒ, දෙවන කාණ්ඩයේ මෙතෙක් සිව් වන ස්ථානයේ සිටි ඔවුන් 3 වන ස්ථානය දක්වා ඉදිරියට යමින්. එහි වඩා වැදගත් කාරණය වන්නේ නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානයේ දල ලකුණු වේගයද අභිබවා ඉන්දියාවේ දල ලකුණු වේගය වැඩිවීමයි.

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ටේ්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය හා එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තීරණාත්මක තරගය ද  අද පැවැත්වෙනවා.