Wednesday, April 24, 2024

General line - 0115112241

ලෝක කුසලානයේ ඉරණමට රටවල් 5 ක් තියුණු සටනක




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ අවසන් ස්ථාන දෙක වෙනුවෙන් කණ්ඩායම් 5 ක් අතර මේ වනවිට තියුණු සටනක් ඇති වී තිබෙනවා. 

පළමු ඛාණ්ඩයෙන් මේ වනවිටත් එංගලන්තය ඉදිරි වටයට සුදුසුකම් ලබා අවසන්. එහෙත් එම කාණ්ඩයෙන් තේරී පත්වන දෙවන කණ්ඩායම වෙනුවෙන් ඔස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව අතර උණුසුම් තරගයක් හටගෙන තිබෙනවා. ඒ, කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු 6 බැගින් ලබාගෙන තිබීම හේතුවෙන්. 

ඔවුන්ගේ ඉරණම තීරණය කෙරෙන තීරණාත්මක තරග 2 අද පැවැත්වෙනවා. එහිදී ඔස්ටේ්‍රලියාව, බටහිර ඉන්දීය කොදෙව්වන් සමගද දකුණු අප්‍රිකාව, එංගලන්තය සමගද තරග වදිනු ඇති. මෙම තරග දෙකෙන් ඔස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව ජයගතහොත් ඉදිරි වටයට සුදුසුකම් ලබන කණ්ඩායම තීරණය වන්නේ දල ලකුණු වේගය මතයි.

දල ලකුණු වේගය තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත්තේ දෙවන කාණ්ඩයේයි. එම කාණ්ඩය යටතේ පකිස්තානය දැනටමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා අවසන්. එම කාණ්ඩයෙන් තේරී පත්වන අවසන් කණ්ඩායම වෙනුවෙන් මේ වනවිට නවසීලන්තය, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර තියුණු සටනක් පවතිනවා. එහි තීරණය විසදෙන්නේ හෙට දිනයේයි. එහිදී ඇෆ්ගනිස්ථානය පරදා නවසීලන්තය ජයගතහොත් ඔවුන් අවසන් පූර්ව වටයට තේරීපත් වනවා. 

ඇෆ්ගනිස්ථානය ජයගතහොත් ඉන්දියාවට අවසන් පූර්ව වටයට පිවිසීමට වැඩි අවස්ථාවක් පවතින්නේ ඔවුන්ගේ දල ලකුණු වේගය ඇෆ්ගනිස්ථානයට වඩා ඉදිරියෙන් තිබීම හේතුවෙන්. එහිදී ඉන්දියාව නැම්බියාවට එරෙහි තරගය ජය ගැනීමද අනිවාර්යයි.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද යළිත් මෙරටට පැමිණියා. මේ, එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක.

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉදිරි සැලසුම් පිළිබද මෙහිදී අදහස් පළ කළා.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූයේ නැහැ. ඒ, සුපිරි 12 දෙනාගේ වටයේ සහභාගි වු තරග පහෙන් දෙකක් පමණක් ජය ගැනීම හේතුවෙන්. එහෙත් තරුණ කණ්ඩායමක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්‍ෂතා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ අවධානය දිනා ගැනීමට මෙවර හැකි වුණා.