Tuesday, April 23, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවේ සිහින බොද කරමින් ඔස්ට්‍ර්ලියාව අවසන් පූර්ව වටයට




මෙවර පන්දුවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍ර්ලියානු කණ්ඩායම ඊයේ සමත්වුණා. 

ඒ දකුණු අප්‍රිකාවට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදුවීමත් සමගයි. සාජා ක්‍රීඩාංගණයේ එංගලන්ත කණ්ඩයමට එරෙහිව ඊයේ පැවති තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 10ක ජයක් වාර්තා කළ අතර එය අවසන් පූර්ව වටයට පිවිසීමට තරම් ඔවුන්ට ප්‍රමාණවත් වූයේ නැහැ.

ඕස්ට්‍රේලියානු පිලේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අභිබවා යමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ඊයේ පැවති තරගයේ දී එංගලන්ත පිල ලකුණු 131කට හෝ ඊට අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දකුණු අප්‍රිකාවට සිදුව තිබුණා. 

මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලූ 2ක් දැවී ලකුණු 189ක් රැස් කළ අතර එංගලන්ත පිල පන්දුවාර 15 යි පන්දු දෙකක් අවසානයේ කඩුලූ 2ක් දැවි ලකුණු 131  සිමාව පසු කිරීමත් සමග තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට දකුණු අප්‍රිකාවට සිදු වුණා.  

ඒ අනුව පළමු කාණ්ඩයෙන් එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව  මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටය සදහා සුදුසුකම් ලබා ගත්තා. 

දෙවැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සදහා මේ වන විට සුදුසුකම් ලබා ඇත්තේ පාකිස්තානය පමණයි. එම කාණ්ඩයේ තවත් තරගයක් නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථාය අතර අබුඩාබි හිදි පැවැත්වෙනවා. 

නවසීලන්තය අද පැවැත්වෙන මෙම තරගය ජයගතහොත් ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති. එසේ වුවහොත් හෙට පැවැත්වෙන තරගයේදී ඉන්දියාව නැමීබියාව පරාජයට පත් කළද ඉන්දීය කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

මේ අතර එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයේදී කඩුලූ ත්‍රිත්වයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රබඩා සමත්වුණා. 

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් පිටියේ වාර්තා වූ සිවුවන කඩුලූ ත්‍රිත්තවයද මෙයයි.