Saturday, April 20, 2024

General line - 0115112241

තලේබාන් සංවිධානයෙන් කාන්තාවන්ට තවත් තහනමක්




ඇෆ්ගනිස්තානයේ පාලන බලය අල්ලා ගෙන සිටින තලේබාන් සංවිධානය එරට කාන්තාවන්ට තවත් තහනමක් පනවා තිබෙනවා.

ඒ ඔවුන්ට සියලුම ආකාරයේ සහන සේවා සැපයීමේ කටයුතුවලට සම්බන්ධවීම වළක්වාලමින්.

තලේබාන් සංවිධානය බලයට පැමිණීමෙන් අනතුරැව එරට කාන්තාවන්ට රැකියා කිරීමට ,සහ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියට එරෙහිව විවිධ තහනම් පනවනු ලැබුවා.

කෙසේවෙතත් මේ වනවිට එරට දරැණු ගැ⁣ටලුවක්ව පවතින ආහාර සහ සෞඛ්‍ය සපයාගැනීමට අදාළ සහන සේවා කටයුතුවලට කාන්තාවන් දහස් ගණනක් ස්වෙච්ඡාවෙන් එක්ව සිටියා.

කාන්තාවන්ට එවැනි ආකාරයේ සියලුම සහන සේවා කටයුතුවලට සම්බන්ධවීම ද තහනම් කිරීමටයි තලේබාන් සංවිධානය පියවර ගෙන ඇත්තේ.

මේ නව තහනම හේතුවෙන් වැන්දඹු කාන්තාවන්,කුඩා දරැවන් ඇතළු පිරිස්වලට සහන සේවා සැපයුම තවදුරටත් දුෂ්කර වනු ඇති බව එරට වාර්තා සදහන් කරනවා.