Friday, March 29, 2024

General line - 0115112241

කෝලි ජයග්‍රාහීව 20 යි 20 නායකත්වයට සමු දෙයි




පන්දුවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගී වූ අවසන් තරගයෙන් කඩුළු 09 ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත්වුණා. ඒ නැමීබියාව කඩුළු 09 කින් පරාජය කරමින්. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 08 ක් දැවී ලකුණු 132 ක් රැස්කළා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 15 යි පන්දු 02 කදී එක් කඩුල්ලකට ලකුණූ 136 ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළා. රෝහිත් ශර්මා පන්දු 37 කදී ලකුණු 56 ක් රැස්කළ අතර කේ එල් රාහුල් නොදැවී ලකුණු 54 ක් රැස්කළා. 

මෙම තරගය විරාත් කෝළි ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබාදුන් අවසන් 20 යි 20 තරගය වනවා. ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු රවී ශාස්ත්‍රිගේ පුහුණුකාර ධූරය ද මෙම තරගයෙන් අවසන් වුණා.