Tuesday, April 23, 2024

General line - 0115112241

පාකිස්තාන - ඔස්ට්‍රේලියා දෙවන අවසන් පූර්ව ගැටුම අද රාත්‍රියේ




පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ඩුබායිහිදී අද පැවැත්වෙනවා.

ඒ, පකිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතරයි. මෙම තරග අද රාත්‍රී 7.30 ට ආරම්භ වනවා. පකිස්තාන කණ්ඩායම සුපිරි 12 දෙනාගේ වටයේ අපරාජිත කණ්ඩායම බවට පත්වෙමින් තමන් සහභාගි වූ තරග 5 ම ජය ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. පළමු ඛාණ්ඩයෙන් තරග වැදුනු ඔස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ තරග පහෙන් තරග 4 ක් ජය ගනිමින්.

පකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ අවසන් පූර්ව තරගයකට එක්වන 5 වන අවස්ථාව මෙය වනවා. ඔවුන් 2007 වසරේදී අනුශූරයින් වූ අතර 2009 වසරේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් 20 යි 20 ලෝක ශූරයන් බවට පත් වුණා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම මීට පෙර අවස්ථා 3 කදී පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිහිදී අවසන් පූර්ව වට සදහා සුදුසුකම් ලබා තිබෙනවා.

ඔවුන් මේ දක්වා පන්දුවාර 20 ලෝක ශූරතාවක් දිනා නොමැති අතර 2010 වසරේදී ඔස්ටේ්‍රලියාව අනුශූරයන් බවට පත් වුණා. අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 14 වනදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී නවසීලන්තය සමග තරග වැදීමට නියමිතයි.