Friday, April 19, 2024

General line - 0115112241

අමෙරිකානු මාධ්‍යවේදියෙකුට මියන්මාරයෙන් වසර 11 ක සිරදඬුවමක්




මියන්මාර හමුදා අධිකරණයක් විසින් අමෙරිකානු මාධ්‍යවේදියෙකුට වසර 11 ක සිර දඬුවමක් නියම කරනු ලැබ කර තිබෙනවා. 37 හැවිරිදි ඩැනී ෆෙන්ස්ටර් නම් වූ මෙම මාධ්‍යවේදියාට එල්ලවී ඇති චෝදනා වන්නේ සංක්‍රමණ නීති කඩ කිරීම, නීති විරෝධී හැසිරීම් සහ හමුදා පාළනයට එරෙහිව අදහස් දැක්වීමයි. 

මෙම චෝදනාවලට අමතරව අමෙරිකානු මාධ්‍යවේදියාට ත්‍රස්තවාදයට හා රාජ්‍ය ද්‍රෝහී අලුත් චෝදනා දෙකක් ද එක්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊට අදාළ නඩු විභාගය ලබන 16 වනදා ආරම්භ වන අතර එම චෝදනාවලට වරදකරු වුවහොත් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වනු ඇති.

මෙම මාධ්‍යවේදියා ඉකුත් මැයි මාසයේදී “යොන්ගොන්” ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ ආරක්ෂක අංශ විසින් රඳවා ගනු ලැබුවා. ඉකුත් පෙබරවාරියේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු මියන්මාරයේ ආරක්ෂක අංශ භාරයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රැසක් රඳවාගෙන සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ. හමුදා කුමන්ත්‍රණය විවේචනය කළ වෙබ් අඩවියක මෙම අමෙරිකානු මාධ්‍යවේදියා සේවය කළා.