Wednesday, April 24, 2024

General line - 0115112241

විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහ තරගය හෙටයි




මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ, ඕස්ට්‍රේලියාව 
සහ නවසීලන්තය අතරයි.

මේ අතර ලෝකයේම අවධානය දිනා ගනිමින් ඉකුත්දා පැවති දෙවන අවසන් පූර්ව තරඟයට පාකිස්තාන කණ්ඩායමේ පිතිකරු මොහොමඩ් රිස්වාන් ක්‍රීඩා කළ ආකාරය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණය කර තිබෙනවා. ඔහු එම තරගයට ක්‍රීඩා කර ඇත්තේ ඩුබායි රෝහලක දැඩි සත්කාර ඒකකයේ පැය 36 ක් වෛද්‍ය පර්යේෂණයට ලක්වීමෙන් පසුව වීම විශේෂත්වයක්. ඒ මොහොමඩ් රිෂ්වාන්ගේ පපුවේ ඇති වූ දැඩි ආසාදන තත්ත්වයක් හේතුවෙන්.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරඟය ඉකුත් 11 වනදා පැවති අතර ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත්තේ ඉකුත් 09 වනදායි.

ශාරීරිකව යෝග්‍ය බව තහවුරු කර ගැනීමෙන් පසු මොහොමඩ් රිස්වාන් තරඟයට එක්වූ අතර එහිදී ඔහු පන්දු 52 දෙකකදී ලකුණු 67 ක් රැස් කළා. එහිදී ඔහු මෙම වසරේ පන්දුවාර 20 පිටියේ ලකුණු දහසේ සීමාව පසු කළ පළමු පිතිකරු බවට පත්වුණා. වසරක් තුළ මේ දක්වා එවැනි දස්කමක් දැක්වූ එකම පිතිකරු ද ඔහුයි.