Friday, April 19, 2024

General line - 0115112241

චරිත් අසලංකට ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයේ වගකීමක්




ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකයා ලෙස චරිත් අසලංක නම්කර තිබෙනවා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග හෙට ආරම්භ වන සිව් දින පුහුණු තරගය සදහායි. 

මෙම පුහුණු තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කැපී පෙනන දක්ෂතා දැක්වූ චරිත් අසලංක, 2016 වසරේ වයස අවුරුදු 19 පහල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ද මීට පෙර කටයුතු කලා.