Wednesday, April 24, 2024

General line - 0115112241

හෙට අවසන් තරගයේදී මිතුරන් දෙදෙනෙකු ප්‍රතිවාදීන් වෙයි




මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය දෙස ලෝකයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවදානයක් යොමුවූ සුවිශේෂී කරුණක් පිළිබඳ මේ වන විට වාර්තා වනවා. ඒ, අවසන් තරඟයේදී එකට ගැටෙන ඕස්ට්‍රේලියාව සහ නවසීලන්ත කණ්ඩායම් දෙකේ පාසැල් මිතුරන් දෙදෙනෙකු සිටීමයි. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මාකස් ස්ටොනිස් හා නවසීලන්ත කණ්ඩායමේ ඩැරල් මිචෙල් එම මිතුරන් දෙදෙනායි. 

දීර්ඝ කාලීන මිතුරන් වන ඔවුන් දෙදෙනා 2009 දී එකම කණ්ඩායමක ක්‍රීඩකයින් ලෙස කැපී පෙනෙන දක්ෂතා දක්වා තිබෙනවා. ඩැරල් මිචෙල් බටහිර ඕස්ට්‍රේලියා වයස අවරුදු 19 න් පහළ කණ්ඩායමේද සාමාජිකයෙක්. රග්බි ක්‍රීඩකයෙකු වන ඔහුගේ පියට නවසීලන්තයේ රග්බි කණ්ඩායමක පුහුණුකරු ධූරයක් හිමිවීමත් සමඟ ඩැරල් මිචෙල් පසුව නවසීලන්තයට ගොස් තිබෙනවා. 

අවසන් මහා තරඟයට පිවිසීමේදී පාකිස්තානය පරාජය කිරීමට ඕස්ට්‍රේලියාවේ මාකස් ස්ටොනිස්ගේ හා එංගලන්තය පරාජය කිරීමට නවසීලන්තයේ ඩැරල් මිචෙල්ගේ දක්ෂ පිතිහරඹය ඉවහල්වීම කැපී පෙනෙන සිදුවීමක්. ඒ අනුව මෙම මිතුරන් දෙදෙනා ප්‍රතිවාදීන් ලෙස එකම කුසලානයක් වෙනුවෙන් හෙට දිනයේදී කණ්ඩායම් දෙකකින් ක්‍රීඩා කරනු ඇති.