Wednesday, April 24, 2024

General line - 0115112241

මහේලත් ICC යේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට




අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා හිටපු නායක  මහේල ජයවර්ධන ඇතුළත් කර තිබෙනවා.
ඒ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය විසින්.

හෙට පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලානයේ අවසන් තරගයට සමගාමීව මෙම නම් කිරීම සිදු කර තිබෙනවා.

මහේල ජයවර්ධනට අමතරව තවත් ක්‍රීඩකයින් දෙනෙකු අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට එක්කර තිබෙනවා. ඒ,
Janette Brittin, Shaun Pollock ඊට ඇතුළත් කළ අනෙක් දෙදෙනායි.

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාවේ යුග 5කට අදාළව ක්‍රීඩකයින් දෙදෙනා බැගින් අදාළ ලැයිස්තුවට ඇතුළත් කෙරුණු අතර, එහිදී 1918 වසරට පෙර කාලය, 1918 - 1945 කාලය, 1946 - 1970 කාලය, 1971-1995 කාලය සහ 1996 - 2016 කාලයට අදාළව ක්‍රීඩකයින් දෙදෙනා බැගින් අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.
 

මහේල ජයවර්ධන අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් ලැයිස්තුවට ඇතුළත් කෙරුණේ 1996 - 2016 කාලයට අදාළවයි.

ශ්‍රී ලංකාවෙන් මීට පෙර අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුලත්ව සිටියේ මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර පමණයි.