Saturday, April 20, 2024

General line - 0115112241

කුළුඳුල් විස්සයි විස්ස ලෝක කුසලානය දිනන්න ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අද පිටියට




මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායිහිදී අද පැවැත්වෙනවා. 

ඒ,  ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතරයි. 

නවසීලන්ත කන්ඩායම පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට එක්වන්නේ පළමු වරටයි. 

ඔස්ට්‍රේලියානු  කණ්ඩායම විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියක අවසන් මහා තරගයකට පිවිසි දෙවැනි අවස්ථාව මෙය වනවා. 

2010 වසරේදී එංගලන්තය හමුවේ කඩුලු 07 කින් පරාජය වූ ඔස්ට්‍රේලියාව එහිදී අනුශූරයින් බවට පත්වුණා. 

ඒ අනුව නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අද තරඟයට පිවිසෙන්නේ සිය කුළුදුල් පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමේ අපේක්ෂාවෙන්. 

ඔස්ට්‍රේලියානු  කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ එක්දින සහ විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිහි අවස්ථා 09 කදී අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. 

ඔවුන් ඉන් අවස්ථා 05 කදී සාර්ථක වූ අතර පරාජය වී ඇත්තේ අවසන් මහා තරඟ 03 ක් පමණයි. 

නවසීලන්ත කණ්ඩායම 2015 සහ 2019 ලෝක කුසලාන තරගාවලිහිදී අවසන් මහා තරග සදහා සුදුසුකම් ලැබුවද ඔවුන්ට එහිදී සාර්ථක වීමට හැකියාව ලැබුණේ නැහැ. 

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය කවුරුන් දිනා ගනීද? මේ, ඒ පිළිබඳව මෙරට ක්‍රීඩා ලෝලීන් පළ කළ අදහස්.