Friday, April 19, 2024

General line - 0115112241

පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ ඕස්ට්‍ර්ලියානුවන්ට දැඩි නීති




කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට පමණක් බලපැවැත්වෙන පරිදි රට අගුළු දැමීමට ඕස්ට්‍ර්ලියාව තීරණය කළා.

ඒ රටතුළ තවදුරටත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක් තුළයි.

මෙම තීරණය සහැල්ලුවෙන් නොසලකන බවත්, එය මෙම අවස්ථාවේදී ගත යුතුම තීරණයක් බවත් චාන්සලර් ඇලෙක්සැන්ඩර් ෂැලන්බර්ග් ප්‍රකාශ කළා.

ඒ අනුව ඕස්ට්‍ර්ලියව තුළ කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් මිලියන 02 කට පමණ පිරිසක් මෙම අගුළු දැමීමට යටත්ව සිටිනවා.

පනවා ඇති නීති අනුව ඔවුන්ට සිය නිවෙස්වලින් පිටතට පැමිණීමට අවසර හිමිවන්නේ ආහාර මිලදී ගැනීමට සහ  රැකියා ස්ථාන වෙත යාමට පමණයි.

අවන්හල්, රූපලාවන්‍යාගාර හා සිනමා ශාලා ඇතුළු පොදු ස්ථානවලට ඇතුලුවීම එම පිරිසට තහනම් කර තිබෙනවා.  

කෙසේවෙතත් ඕස්ට්‍ර්ලියානු රජයේ මෙම තීරණයට එරෙහිව එරට වැසියන් සිය ගණනක් වියානා අගනුවරට රැස්ව විරෝධතාවයේ නිරත වුණා.

ඔවුන් පවසන්නේ එන්නත් ලබාගන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණ ගැනීමේ නිදහස තමන් සතු බවයි.

යුරෝපයේ රටවල් රැසක් තුළ මේවනවිට යළිත් කොවිඩ් රැල්ලක් පැතිරයාමේ අවදානමක් මතුව තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ යුරෝපා රටවල් කිහිපයක්ම මේනවිටත් විවිධ මට්ටමේ සීමා පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.